Tuesday, July 20, 2010

ගායනය: අමිතා වැදිසිංහ
පද: අරිසෙන් අහුබුදු
සංගීතය: සරත් දසනායක

සෙංකඩගල පුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයින් හට, සිංහල දේශෙට
සරණයි දළදා සමිදුන්ගේ //

සා...ධු දළදා සමිදු පුදන්නට
මේ..වරත් අපි නුවර යමු
සා..මයේ මල් රටට පිපෙන්නට
දළදා සමිදුට භාරවෙමු

සෙංකඩගල පුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයින් හට, සිංහල දේශෙට
සරණයි දළදා සමිදුන්ගේ

පෝ..ය දාට දළදා සුදු බුදු රැස්
රට වට හත් වටයක් යන්නේ
එනිසයි ලක් දිව වෙරළේ වැලි කැට
මුතු කැට වා..ගේ බබලන්නේ

සෙංකඩගල පුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයින් හට, සිංහල දේශෙට
සරණයි දළදා සමිදුන්ගේ

ලක්දිව රක්නා සම්දිටු දෙවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොල දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ

සෙංකඩගල පුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයින් හට, සිංහල දේශෙට
සරණයි දළදා සමිදුන්ගේ